විෂයෙහි අලස හෝ නීරස බව වෙනුවට විෂයෙහි තාර්කික හා ප්‍රායෝගික බව ඔප්නංවමින් සිය දේශන ශාලාව තුළ ආර්ථික විද්‍යාව රසවත් විෂයක්ය යන්න තහවුරු කිරීමට ඔහු සමර්ථ වූයේ ඕනෑම දැනුම තලයක දරුවන්ට ග්‍රහණය කරගත හැකි ආර්ථික විද්‍යා විග්‍රහයන් මඟිනි. ආර්ථික විද්‍යා විෂයට ආදරය කරන විෂයාවබෝධයෙන් ආර්ථික සංසිද්ධීන් සිතන  විමසන සිසු ප්‍රජාවක් වෙනුවෙන් කළ ඉගැන්වුම් අරගලය කෙටි කාලයක් තුළම මල්ඵල ගැන්වූයේ කොළඹ, කළුතර, ගම්පහ හා ගාල්ල දිස්ත්‍රික්ක වල විසල් සිසු සහභාගිත්වයෙන් පමණක් නොව විශිෂ්ට ප්‍රතිඵල බිහිකරන දරුවන්ගේ ප්‍රමුඛ මඟපෙන්වන්නා බවට පත්වෙමිනි.

 

Ada Derana Education නාලිකාව හරහා මුළු රටේම දරුවන්ට ආර්ථික විද්‍යාව උගන්වමින් ඉහළ ජනප්‍රසාදයක් හිමිකර ගෙන සිටින අමිල ඩයස් මහතා වසර ගණනාවක් තිස්සේ ම කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම දරුවන් පිරිසක් සිය ආර්ථික විද්‍යා ගුරුවරයා ලෙස තෝරාගත්තේ ඔහු පිළිබඳ ඉමහත් විශ්වාසයෙනි. 2020 උසස් පෙළ විභාගයේ දී කළුතර දිස්ත්‍රික්කයේ 1, 2 හා 3 ඇතුළු පළමු 10 දෙනාගෙන් 8 දෙනකුම එම මහතාගෙන් උගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විය. එම වසරේදීම ශ්‍රී ලංකාවෙන් ම ආර්ථික විද්‍යාව විෂය සඳහා වැඩි ම ලකුණු ලබා ගත්තේ ද, වාණිජ හා කලා විෂයධාරා ද්විත්වයේ ම දිවයිනේ දෙවන ස්ථානයට පත්වූයේ ද එම මහාතගෙන් උගත් ශිෂ්‍යාවන්ය. එපමණක් නොව 2021 උසස් පෙළ විභාගයේ දී දිවයිනේ ප්‍රථමයා මෙන්ම, කළුතර දිස්ත්‍රික්කයේ 1, 2 හා 3 ස්ථානද, ගම්පහ දිස්ත්‍රික්කයේ 1, 4, 7, 11, 13 හා 14 ස්ථානද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 1 ස්ථානයද එම මහතාගෙන් උගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විය. 

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණය පිළිබඳ විද්‍යාවේදී විශේෂ උපාධියක් හිමි අමිල ඩයස් මහතා වරලත් ගණකාධිකරණ ආයතනය, ගණකාධිකරණ ශිල්පීය ආයතනය, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය පවත්වන වෘත්තීය විභාග ද සමත්ව අධ්‍යයන හා වෘත්තීය සුදුසුකම් පූර්ණ කළ, දශකයක් පුරාවට ආර්ථික විද්‍යාව විෂය උගන්වන විෂය ප්‍රවීණයෙකු වේ.